ලිපිගොනුකරණය පිළිබඳ  පුහුණු වැඩමුළුවක්.

ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

ලිපිගොනුකරණය පිළිබඳ  පුහුණු වැඩමුළුවක්    

                  

 මධ්‍යම පළාත් සභා යාන්ත්‍රණය වඩා සවිමත් කරනු වස්  මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක්  ''ලිපිගොනුකරණය " විෂය කොටගෙන  අද (01) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මේ සදහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙහෙයුම්   මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. සේවකයාගේ වගකීම, ලිපිගොනුකරණය හා පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව  සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුම්වත් කෙරිණි. කටුගස්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ පරිපාලන නිලධාරී පී. ඩබ්.එම්. කුමාරිහාමි මහත්මිය මෙහි සම්පත් දායකත්වය දැරීය. වැඩමුළුව පැවැත්වූයේ සාකච්ඡාමය ස්වරූපයෙනි. මධ්‍යම පළාත්  පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ මගපෙන්වීම පරිදි මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook