මුදල් රෙගුලාසි පිළිබඳ  පුහුණු වැඩමුළුවක්.

මුදල් රෙගුලාසි පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

මුදල් රෙගුලාසි පිළිබඳ  පුහුණු වැඩමුළුවක්   

                                         

  මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීම තුළින් මධ්‍යම පළාත තුළ ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවයක් සඳහා කැපවුණු තෘප්තිමත් මානව සම්පත් බිහි කිරීමේ අරමුණින්, මධ්‍යම පළාත් සභා පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක්  ''මුදල් රෙගුලාසි 104 (4) පරීක්ෂණ " පිළිබඳ පුහුණු  වැඩසටහන අද (02) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විණි. මේ සදහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙහෙයුම්   මට්ටමේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.  ලිපිගොනුකරණය හා පෞද්ගලික ලිපි ගොනු නඩත්තුව  සම්බන්ධයෙන් මෙහිදී නිලධාරීන් දැනුම්වත් කෙරිණි. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්. එම්.ජී.කේ. ආර්. බණ්ඩාර මහතා  මෙහි සම්පත් දායකත්වය දැරීය. මධ්‍යම පළාත්  පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා  තිළිණි දෙහිගොල්ලේ මහත්මියගේ මගපෙන්වීම පරිදි මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook