පාපැදි භාවිතය සහ ශරීර සුවතාවය සදහා වූ විශේෂ වැඩසටහනක් මහනුවරදී.

පාපැදි භාවිතය සහ ශරීර සුවතාවය සදහා වූ විශේෂ වැඩසටහනක් මහනුවරදී.

දේශීය හා විදේශීය සංචාරක ක්ෂේත්‍රය  ප්‍රවර්ධනය කරමින් නිරෝගී යහ පැවැත්මක් ඇති කරලීම සඳහා පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම වෙනුවෙන්  මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත  සංචාරක ප්‍රවර්ධනය , ව්‍යවසායකත්ව සංවර්ධනය , පාපැදි භාවිතය සහ ශරීර සුවතාවය සදහා වූ විශේෂ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේදී  සිදු කෙරිණ.

මෙම ව්‍යාපෘතිය පේරාදෙණිය ගන්නෝරුව මාර්ගයේ දංගොල්ල මංසන්ධියේ සිට ගොරකදෙණිය මංසන්ධිය දක්වා වූ මාර්ග කොටස තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සති අන්තයේ සෑම සෙනසුරාදා දිනයකදීම සවස් හා රාත්‍රී කාලයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවතී.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් සංවිධානය කෙරෙන මෙම ව්‍යාපෘතිය සදහා  ශ්‍රී ලංකා පාපැදි සංගමය ,මහනුවර දිස්ත්‍රික් පාපැදි සංගමය හා රාජ්‍ය ආයතන රැසක් දායකත්වය ලබාදෙන අතර , මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ “නිදහසේ මාවත” යනුවෙනි.

වීනෝදාස්වාද,සුවතාවය,අලෙවි ප්‍රවර්ධන අවස්ථාවන්, අධ්‍යාපනික වැඩසටහන්, සජීවී චිත්‍ර පින්තාරුව, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අධ්‍යනය අංශයන්, විශේෂ පාපැදි සංදර්ශන ඇතුළත් ප්‍රදර්ශන,  සංස්කෘතික විවිධප්‍රසංග , දරුවන් සදහා වූ විශේෂ  පාපැදි ක්‍රීඩා විශේෂාංග , යන අංශ රැසකින් සමන්විත වු වයාපෘතියක් වන අතර මහනුවර පවතින සංචාරක ආකර්ෂණීය ස්ථානයන් ආවරණය වන අයුරින් මෙම වැඩසටහන ඉදිරියේදී ව්‍යාප්ත කිරීමටද අපේක්ෂිත.

මෙම වැඩසටහන හඳුන්වා දීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත , සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුරි තිලකරත්න,මහනුවර මහා නගර සභාවේ කොමසාරිස් ඉෂාන් විජේතිලක , පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සංචාරක මගපෙන්වන්නන්, පාපැදි සම්මේලනයේ නිලධාරීන් ,ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook