මුල් ළමාවිය අවධියේ පසුවන දරුවන්ගේ සන්නිවේදන කුසලතා හැකියා සංවර්ධනයේදී භාෂා කුසලතා සංවර්ධනයට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. ඒ සඳහා දරුවකුට සුදුසුම කාලය මුල් ළමාවිය අවධියයි. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය විසින් මුලික ඉංග්‍රිසි භාෂා කුසලතාවය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානතුල දී දරුවන්ට ලබාදීම අරමුණු කරගනිමින් UNICEF ආයතනයේ ප්‍රතිපාදන යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.
මේ යටතේ මුල් ළමාවිය සංවර්ධන ඒකකය සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රිසි භා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂගේ ප්‍රධාන සම්පත්දායකත්වය යටතේ සම්පත්දාකයක මණ්ඩලයක් විසින් මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් සඳහා ගුරු පුහුණු මොඩියුලයක් සකස් කරන ලදි.
මධ්‍යම පළාතේ සියලු ම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල උපදේශිකාවන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුකරුවන් පුහුණු කිරීමේ දෙදින නේවාසික පුහුණු වැඩමුළුවක් 2022.11.01 හා 02 දෙදින පොල්ගොල්ල සමුපකාර සංවර්ධන පුහුණූ ආයතනයේදි පවත්වන ලදි. මෙහිදි පුහුණු කරුවන් ලෙස ගුරු උපදේශකවරුන් හා ප්‍රාදේශිය ඉංග්‍රිසි භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානවල සම්පත්දායක නිලධාරින් 33 දෙනෙකු පුහුණුව ලැබීය.
මෙම පුහුණු වැඩමුළුවේදී සම්පත්දායකයන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබාදීම සඳහා මඩවල සුමුදු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් පිරිසක් සහභාගි වූ අතර මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශිකාවගේ සහයෝගය ඇතිව සාර්ථක ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් සිදු කරන ලදි.
මෙම වැඩසටහනේ මඟපෙන්වීම හා අධීක්ෂණය පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටි.කේ. ගුණතිලක මහතා විසින් සිදු කරන ලද අතර පුහුණූ වැඩසටහනේ මෙහෙයවීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රිසි භා විදේශ භාෂා විෂය භාර අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා UNICEF ආයතයේ ඌව හා මධ්‍යම පළාත් අධ්‍යාපන නිලධාරි සුදත් අදිකාරම් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.