අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මධ්‍යම පළාත සදහා  වූ විශේෂ තාක්ෂණික සාකච්ජාවක්.

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මධ්‍යම පළාත සදහා වූ විශේෂ තාක්ෂණික සාකච්ජාවක්.

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මධ්‍යම පළාත සදහා  වූ විශේෂ තාක්ෂණික සාකච්ජාවක් ඉකුත්දා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.ඒ.රණසිංහ මහතාග් ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. 

මධ්‍යම පළාතේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීම හා පරිපාලන ක්‍රියාවලිය විධිමත් කිරීම වෙනුවෙන් වූ අධ්‍යාපන සැලසුම් සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කරණ ලද අතර ,  පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 15 සදහා ලබාදී ඇති නිර්ණායක මත පදනම්ව නව ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින් සමාලෝචනය කිරීම සිදු විය. පාසල් පොකුරු සහ අධ්‍යාපන සංවර්ධන මණ්ඩල පිළිබදව සාකච්ජා කිරීම හා දිස්ත්‍රික් මට්ටමින් කරුණු සාකච්ජා කිරීම මෙහිදී සිදු විය. 

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් පළාත් නවය සදහාම නව නිර්ණායක පදනම් කර ගනිමින් කරුණු විමසීමට ලක් කර ශ්‍රී ලංකාව සදහා  ගැලපෙන වඩා උචිත වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ද සැලසුම් සකස් කොට ඇත. 

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , ප්‍රධාන හා අධ්‍යපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහාචාර්ය ගුණපාල නානායක්කාර , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස ,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , කොට්ඨාශ අධ්‍යපාන අධ්‍යක්ෂවරුන් , අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , නියෝජ්‍ය අධ්‍යපාන අධ්‍යක්ෂවරුන් (සැලසුම් ) ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook