දේශීය ආහාර වලින් සමන්විත ආහාර ප්‍රදර්ශනය මහනුවර සහන් උයන පරිශ්‍රයේදී අද (11) පෙරවරුවේ ආරම්භ විය.
දේශීය හා කන්ද උඩරටට ආවේනික ආහාර වර්ග, සෞඛාරක්ෂිත නිපැයුම්, මුළුතැන්ගෙයි උපකරණ ආදී විවිධාංගවලින් මෙම ආහාර උළෙල සමන්විතය.
මෙම ආහාර ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වෙන අතර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහ නගර සභාව ඇතුලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව සංවිධාන කළ අතර අද හෙට (12) සහ අනිද්දා (13) යන දිනවලදී පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 දක්වා පැවැත්වේ.
විවිධත්වය මුල්කර ගත් ආහාර හදුන්වාදීම, දේශීය ආහාර මගින් ක්ෂණික ආහාර සකස් කිරීම, ආහාර කල්තබා ගැනීම, ආහාර පරිභෝජනයේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රම හා ආහාර තෝරා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබදව මහජනයා දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
මහනුවර නගරාධිපති කේසර සේනානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එච්.එම්.ඩී.ආර්.හේරත්, කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න හා මධ්‍යම පළාත් නියොජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) මංජුලා මඩහපොල ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.