ආපදාවන්ගෙන් අවතැන්වු දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහන

ආපදාවන්ගෙන් අවතැන්වු දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහන

ආපදාවන්ගෙන් අවතැන්වු දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමේ වැඩසටහන - නුවරඑළිය, අඹගමුව...

පසුගිය දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇති වු හදිසි ආපදාවලින් අවතැන්වු පවුල් වල පාසැල් දරුවන් වෙත නොමිලයේ පාසැල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් ශ්‍රීලංකා රතුකුරුස සමාජය මගින් ක්‍රියාවට නංවයි.

එම වැඩසටහනට සමගාමීව නුවරඑලිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පාසැල් දරුවන් වෙත පාසැල් උපකරණ කට්ටල බෙදාදීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන්

2022/11/11 වනදින කොටගල මාරියම්මන් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙම උපකරණ කට්ටලයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 12000 වන අතර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දරුවන් 102 කට සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ දරුවන් 51 කට මෙම උපකරණ ලබාදීම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රීලංකා රතුකුරුස සමජයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක නිලධාරී RS චන්ද්‍රසිරී මහතා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්ලා, ආපදා සහන සේවා නිලධාරීතුමන්ලා, ග්‍රාම නිලධාරීතුමන්ලා, විදුහල්පතිතුමන්ලා,පාසැල් ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook