බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඩලන්න පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් වැඩසටහනක්.

බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඩලන්න පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් වැඩසටහනක්.

බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඩලන්න පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් වැඩසටහනක් 

බෝ වන රෝගවලට ගොදුරුවන පිරිස්  අභිබවා බෝ නොවන රෝගවලට ගොදුරු වන පිරිසේ සාපේක්ෂ වර්ධනයක් වත්මන් සමාජය තුළ නිරීක්ෂණය වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්  මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් උදෙසා  බෝ නොවන රෝග පිළිබඳ වෛද්‍ය සායනයක් හා බෝ නොවන රෝග පාලනය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මඟ පෙන්වීමෙන් පවත්වන ලදී. 

මෙම  වැඩසටහනේ පළමු අදියර යටතේ  2022.11.01 වන දින  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායනාගාර විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වයෙන් රු. 900.00 ක් වැනි සුළු මුදලකට Lipid profile  හා Blood sugar යන රුධිර පරීක්ෂා සිදු කරගැනීමට අවස්ථාව සැලසුනී.

මෙහි දෙවන අදියර ලෙස 2022.11.08 දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ බෝ නොවන රෝග අංශයේ වෛද්‍ය එම්. එන්. එෆ්. අයීෂා මහත්මිය සහ වෛද්‍ය චතුර මාරසිංහ මහතාගේ දායකත්වයෙන් සයනයක් පැවැත්වී ය. මේ සඳහා   සහභාගී වූ නිලධාරී මහත්ම මහත්මීන් අතරින් , රෝගී තත්ත්වයන්  නීර්ණය වූවන් වෛද්‍ය උපදෙස් මත අදාළ සායන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබිණි. ඊට අමතරව බෝ නොවන රෝග පාලනය සම්බන්ධව විශේෂ දේශනයක්ද වෛද්‍ය නිලධාරී එම්. එස්. එෆ්. අයිෂා මහත්මිය විසින් පවත්වන  ලදී. 

මෙම වැඩසටහන සඳහා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ , පළාත් නිවාස දෙපාර්තමේන්තුවේ  හා පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook