යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත රූපස්සර මහතාගේ උපදෙස් මත බල ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර අද දින (16) ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් මැණික්දිවෙල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත් විය.
මෙම සම්මන්ත්‍රණය යටිනුවර බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත් වන ආර්ථිකමය ගැටලුවලට මුහුණදෙමින් අධ්‍යාපන කාර්යයේ නිරතවන දරුවන් වෙත දැනුම ලබා දෙමින් විභාගය ට සූදානම් කරවිමේ අපේක්ෂාවෙන් යටිනුවර ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කොට පැවතුනි.
මෙම උපකාරක සම්මන්ත්‍රණය සඳහා ළමුන් හාරසීයක් පමණ සහභාගි වූ අතර උපකාරක සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකත්වය පිළිමතලාව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාව මඟින් පෝෂදායි දිවා ආහාර වේලක් දරුවන් සඳහා ලබාදීමට ද කටයුතු සංවිධානය කොට පැවතිම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති එල්. ඩී. වීරසූරිය මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර, පුස්තකාල විෂයභාර නිලධාරී ප්‍රභාත් ඉන්දික විතානගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.