‘පුනරුදයේ පුරවර’ මැදරට පළාත් පාලන සතිය හාරිස්පත්තුවෙන් ඇරඹේ

‘පුනරුදයේ පුරවර’ මැදරට පළාත් පාලන සතිය හාරිස්පත්තුවෙන් ඇරඹේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව මහජනතාවගේ දෛනික අවශ්‍යතා සපි-රෙන සහ ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මකිපුනරුදයේ පුරවර’ පළාත් පාලන සතියට සමගාමී මධ්‍යම පළාත් සමාරම්භ උත්සවය පසුගියදා (15) ආරම්භ කෙරිණි.මෙම සමාරම්භක උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ හරිස්පත්තුව ප්‍රාදේශීය සභාව කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රාදේශීය සභාවට අයත් මැදවල, මහජන පුස්තකාල බහුකාර්ය ගොඩනැගිල්ලේදී පැවැත්විණි.‘පුනරුදයේ පුරවර’ පළාත් පාලන සතිය සැප්තැම්බර් 15 වන දින සිට 21 දින දක්වා පැවැත්වෙන අතර මෙම සතිය තුළ ජංගම සේවාව, පාරිසරික හා රුක් රෝපණ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, ආදායම් ප්‍රවර්ධන, සාහිත්‍ය,අධ්‍යාපන හා පුස්තකාල,මහජන උපයෝගිතා හා ක්‍රීඩා යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. මෙම වැඩසටහන මධ්‍යම පළාතේ සියළුම පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කෙරේ.හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉදුනිල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් එම ප්‍රාදේශිය සභාව විසින් මෙම වැඩසටහන සංවිධනය කර තිබිණි.‍ එහිදි සමාරම්භක අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කරගනිමින් ජංගම සේවා හා සෞඛ්‍ය, අක්ෂි සායනයක් ඇතුළු වැඩසටහන් රැසක් සමාරම්භක දින ක්‍රියාත්මක කෙරිණි.මෙම අවස්ථාව සඳහා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, හාරිස්පත්තුව ප්‍රාද්ශීය ලේකම් මෙහාන් ධර්මදාස, සහකාර පළාත් පාලන කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.ආර්. අතාවුද යන මහත්ම මහත්මීන්, ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී වුහ.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට සැලසුම්

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට සැලසුම් පසුගිය කාලයේ වගේ නෙවෙයි දැන් තත්ත්වය වෙනස් වෙලා. මුදල් පසුපස හඹා යන තනතුරු අද නෑ, ජනතා සේවය වෙනුවෙන් ඔබ සියලු දෙනා ඇවිත් ඉන්නේ. ඔබ සියලු දෙනා ජනතාවගේ සහකම්පනය දැනෙන අයවීම රටටම ආඩම්බරයක්, පළාතට ආඩම්බරයක්. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට , ඔවුන්ව ඉන්න තැනින් ඉහළට ඔසවා තැබීමට සැවොම එක්ව ක්‍රියා කරමු. අපි දියුණු වෙන රටක් විදිහට හොඳ ගමනකට පදනමක් මේ වන විට රජය යොදා තිබෙනවා. ඒ ගමනට වැඩිදායකත්වයක් ලබා දීම වෙනුවෙන් සැවොම එක්ව මැදිහත්ව කටයුතු කරන්න. ඒ සඳහා පක්ෂ පාට භේද නොසලකා ජනතා අභිලාෂයන් ඉටුකිරීමට එක්ව සහයෝගයෙන් කටයුතු කරන්න යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්.අභයකෝන් මහතා පැවසීය.ඒ මහතා මෙලෙස පැවසූයේ මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි නගරාධිපතිවරුන්, සභාපතිවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග පැවැති ප්‍රගති පාලන රැස්වීම අමතමිනි.මෙම ප්‍රගති පාලන රැස්වීම පසුගියදා (30) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරය දී ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.පළාත් පාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සඳහා පවතින ගැටලු සාකච්ඡා කිරීම, බල ප්‍රදේශයන්හි සංවර්ධනය වෙනුවෙන් නව පාලනයන් යටතේ පවතින ගැටලු සාකච්ජා කිරීම, ආයතනික ප්‍රගතිය පිළිබඳව කරුණු විමසා බැලීම මෙහිදී සිදු වූ අතර මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පළාත් පාලන ආයතන හතළිස් හතක් (47) නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් මේ සඳහා සහභාගි විය.උපතේ සිට මරණය දක්වා ජනතා සේවාවන් සැපයීමට ප්‍රමුඛතාවය ලබා දෙන පළාත් පාලන ආයතනයන් හි සේවාවන් ප්‍රශස්ත මට්ටමකින් ලබාදීම වෙනුවෙන් පවතින ගැටලු, මානව හා භෞතික සම්පත් පිළිබඳව පවතින ගැටලු මෙන්ම අභියෝග ජය ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවෙන් මෙහිදී කරුණු සාකච්ජා කෙරිණ. පළාත් පාලන ආයතනයන් වලට ලැබෙන පැමිණිලි, පළාත් පාලන ආයතන වල ආදායම් උත්පාදනය, ආයතන වල හිග ආදායම් අයකිරීම මෙන්ම සංවර්ධන ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලද අතර, 2025 වර්ෂයේ දී පළාත් පාලන ආයතන මගින් පළාත තුළ ව්‍යාපෘති 450ක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද මෙහිදී කරුණු අනාවරණය විය.මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ආර්. තිලකේෂ්වරි යන මහත්ම මහත්මීන්, සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්, නාගරික කොමසාරිස්වරුන් , සභා ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කෙරේ

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කෙරේ. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. පළාත් පාලන ආයතන ප්‍රධානින් වෙත සංවිධානය වූ මෙහිදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන ආයතනයන්හි යෝජිත සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ නීති රීති හා රෙගුලාසි ක්‍රියාත්මක වන ක්‍රමවේද පිළිබදව දැනුම ලබාදීම , පවතින ගැටළු සදහා විසදුම් ලබාදීම සිදුවිය. පළාත් පාලන ආයතනයන්හි නව පරිපාලනයක් යටතේ පවතින ගැටළු නිරාකරණය කරගනිමින් පළාත් පලාන ආයතනයන්හි කටයුතු සිදු කිරීම සදහා නිවැරදි ක්‍රමවේද අනුගමනයට යොමු කිරීමේ අපේක්ෂාවෙන් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ මගපෙන්වීම මත මෙම වැඩසටහන කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ ප්‍රතිපාදන මත පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්විණ. මෙම වැඩසටහන් සදහා සම්පත්දායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ සමන් දිසානායක මහතා ඇතුළු නිලධාරි මඩුල්ලක් විසින් ලබාදෙන ලද අතර , මෙම වැඩසටහන සදහා පළාත් පාලන ආයතනයන්හි නගරාධිපතිවරුන් , සභාපතිවරුන් , පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, නාගරික කොමසාරිස්වරුන් , සභා ලේකම්වරුන්, විමර්ශන නිලධාරින් , වැඩ අධිකාරිවරුන්, කාර්මික නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්.

පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට අවශ්‍යකරන මග පෙන්වීම ලබා දීමේ අරමුණ ඇතිව UNDP ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් හා Asia Foundation ආයතනයේ තාක්ෂණික සහය ඇතිව LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්, නවයාලතැන්න, පළාත් පාලන සම්පත් පුහුණු මධ්‍යස්ථානයේදී (30) පැවැත්විණි. පළාත් පාලන ආයතනවල දත්ත පවත්වාගෙනයාමේ ක්‍රමවේදය ගුණාත්මකව සංවර්ධනය කිරීම සහ යාවත්කාලින කිරීම තුලින්, එම ආයතන සම්බන්ධ තීරණ ගනු ලබන පාර්ශවයන්ට පහසුකම් සැපයීම මෙතුලින් බලාපොරොත්තුවන අතර, මුලික අදියර ලෙස, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) සමරකෝන් බණ්ඩාර මහතා සහ එම අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක්, වැඩසටහන සඳහා සම්පත් දාකත්වය සැපයු අතර, මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ගණකාධිකාරී ගැමුණු බංඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක ලේකම්වරුන් සහ විෂය නිලධාරීන් පිරිසක් ඒ සඳහා සහභාගීව සිටියහ.

මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්.

මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්. මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිනිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පසුගිය 21දා පැවැත්විණ. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ඒ ජී ඩබ් අත්තනායක, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී ගැමුණු බණ්ඩාර, සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත ඇතුළු මහත්ම මහත්මීන් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි විය.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook