නුවරඑළිය හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක..

නුවරඑළිය හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක..

කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමන් නුවරඑළිය හයිලන්ඩ් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි...

දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරමින් දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් විශ්වාසනීය වගකීමක් සහිතව සෞඛ්‍යාරක්ෂිත සේවාවක් පාරිභෝගිකයින්ට ලබාදීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ උපරිම සහය ලබාදෙන බවත් කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .එතුමන් මේ අදහස් පලකලේ පසුගිය දා අඹේවෙල හයිලන්ඩ් කර්මාන්ත ශාලාව සහ අඹේවෙල කිරි නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අඹේවෙල හයිලන්ඩ් කර්මාන්ත ශාලාව සහ අඹේවෙල කිරි නිෂ්පාදනාගාරවල නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම නිෂ්පාදනය හා බෙදා හැරීමේදී අනුගමනය කරන සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාදාමයන්, කිරි නිෂ්පාදන සඳහා එකතු කරනු ලබන රසකාරකවල ප්‍රමිතීන් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook