සියවසකට හිමිකම් කියන මහනුවර හිදගල සීවලී මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද පුස්තකාලය සිසු අයිතියට පැවරේ.
රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය කොට අංග සම්පුර්ණ පුස්තකාලය ක් ලෙස මෙම පුස්තකාලය ගොඩ නගා ඇත. පාසලේ 1-13 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් පන්සියය හැට හත්දෙනෙක් අධ්‍යාපනය හදාරන මහනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසලක් වන මෙම විදුහලේ වර්තමාන විදුහල්පති වරයා වන ජි.ජි.ඩි.එස්.කේ ගීකියනගේ මහතා මෑත කාලීනව නව මුහුණුවරක් පාසලට ලබා දීමටත් , විෂය සමගාමී අධ්‍යාපන කටයුතු සදහා මුලිකත්වය දෙමින් සහ පාසල් සංවර්ධනය , විෂය බාහිර ක්‍රියාකාරකම් සදහාත් විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා ඇත.
“ 21 වන සියවසට අදාළ කුසලතාවයන් උත්කර්ෂණයට පත් කිරීමට දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්වීම” යන මුලික සන්නාමයක් හදුන්වා දෙමින් ප්‍රදේශයේ දරුවන් වෙනත් පාසල් වෙත ඇදී නොයා පාසල තුලම රදවා ගනිමින් යහපත් , ප්‍රසන්න වටපිටාවක , නිරවුල් මනසකින් යුතුව අනාගත අභියෝගයන් ට මුහුණ දිය හැකි දරු පිරිසක් සමාජගත කිරීම ඉලක්ක කෙරේ. මෙම ව්‍යාපෘතිය කෙටි කාලයක් තුල දරුවන්ට ගුණාත්මක පරිවර්තනයකට ප්‍රවේශයක් වී ඇති බවට විදුහල්පතිවරයා විශ්වාසය පල කළේය.
පුස්තකාල ගොඩනැගිල්ල තුල 03 ශ්‍රේණිය සදහා නව පංති කාමරයක් සහ කලක් භාවිතයට ගත නොහැකිව වසා දමා තිබු කාමරයක් ගුරූ විවෙකාගාරයක් ලෙස ද සංවර්ධනය කොට භාරදෙනු ලැබිය. ඒ සදහා ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් සහ වෙනත් සංවිධාන , පුද්ගල සහයෝගය මුල්‍ය සහ භෞතික ව ලැබිණි.
පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සුභාශිංසන පණිවුඩය සහ දරුවන් සදහා වන පොත් කට්ටලයක් ද පරිත්‍යාග කරමින් මෙම සිසු අයිතියට පැවරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් නිතීඥ ඇන්ටන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. ,මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. බි විජේරත්න මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසකගේ සහ ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහිශ්වර කිරිදිගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්විය .