ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටි හක්ක මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද තවත් වැඩසටහනක් ඉකුත්දා පැවැත්වීනි.
මෙම වැඩසටහනේදී දේශීය ආහාර සම්බන්ධයෙන් පවතින විවිධ මිථ්‍යාමත දුරලමින් එකී ආහාර පරිභෝජනය කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත් , එකී ආහාර ද්‍රව්‍ය නිවැරදිව සැකසීම පිළිබඳවත් දැනුම ලබාදීම සිදු කරන ලදී. මෙහි සම්පත් දායකත්වය අඹන්ගඟ කෝරලේ විදාතා මධ්‍යස්ථානය මගින් ලබාදී පැවතුනි.