බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ පාතහේවාහැට දී රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ පාතහේවාහැට දී රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ පාතහේවාහැට දී රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

වර්තමාන ලෝක බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික ගැටලු ගණනාවකට ම මුහුණ දී සිටින ශ්‍රී ලංකාව, බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥානක දේශයක් බවට පත් කරලීමේ අරමුණෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් පරිදි ද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මඟ පෙන්වීමෙන් හා පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් ද සංවිධානය කෙරෙන ‘බලශක්ති කාර්යක්ෂමතාව හා විකල්ප බලශක්ති භාවිතය’ තේමා කොට ගත් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් පසුගිය 18 දා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

වැඩසටහන පවත්වන ලද්දේ පාතහේවාහැට සහකාර ප්‍රාදේශීය ලේකම් රුවිනි ප්‍රතිභා හිටිහාමු මහත්මියගේ සහභාගීත්වයෙන් හා අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ සහ තිලිණ මධුශංක මහතාගේ සම්පත් දායකත්වයෙනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook