පළාත් පාලන ආයතන සඳහා වූ අතුරු ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරේ.

පළාත් පාලන ආයතන සඳහා වූ අතුරු ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරේ.

මධ්‍යම පළාත් ජනතාවගේ පානීය ජල සුරක්ෂිතතාව තිරසරව පවත්වා ගැනීම වෙනුවෙන් පළාත් පාලන ආයතන සඳහා වූ අතුරු ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරේ. පිරිසිදු පානීය ජලය බෙදා හැරීම, ජල මූලාශ්‍ර සංරක්ෂණය, ජල ප්‍රභව පාලනය කිරීම ඇතුළු බල ප්‍රදේශයේ ජල සම්පත් ඵලදායී අන්දමින් භාවිතයට ගැනීම තුළින් ජනතා අවශ්‍යතා ඉටු කරලීමට අවශ්‍ය නෛතික රාමුවක් සකසා ක්‍රියාත්මක කිරීම මෙයින් අරමුණු කෙරේ. මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා යන සියලු පළාත් පාලන ආයතනවලට මෙය හාවිතා කළ හැකි ය. මෙහි මූලික කෙටුම්පත පිළිබඳ පූර්ණ සංවාදාත්මක සැසියක් ගෙවුණු සති අන්තයේ මහනුවර , ගැටඹේ ‘ඕක්රේ’ හෝටල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මහනුවර, මාතලේ හා දඹුල්ල මහා නගරාධිපතිවරුන් , මධ්‍යම පළාතේ සියලු නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ හා පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරුන් , සහකාර පළාත් කොමසාරිස්වරුන් හා ප්‍රාදේශීය සභා ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මධ්‍යම පළාත සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පානීය ජලය භාවිතයට ගැනීමෙහි ලා පානීය ජල සුරක්ෂිතතාව පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ පිහිටි ජල මූලාශ්‍ර විධිමත්ව පවත්වාගෙන යාමට පළාත් පාලන ආයතන මැදිහත්වීමේ අවශ්‍යතාව පැන නැගී ඇති හෙයින් ද, මධ්‍යම පළාතේ සෑම පළාත් පාලන බල ප්‍රදේශයකම ඊට අදාළ ව ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තියක් නිශ්චය කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති හෙයින්ද, එවැනි ප්‍රතිපත්තියක් යටතේ පානීය ජල සුරක්ෂිතත්ව පවත්වා ගැනීමෙහි ලා අවශ්‍ය නියාමනයන් සිදු කිරීම දැක්වෙන 1987 අංක 15 දරන පළාත් පාලන පනතේ සඳහන් විධිවිධාන යථාවත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති හෙයින් ද මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ පිහිටි ජල මූලාශ්‍ර ඇතුළු ජලය බෙදා හැරීමේ ක්‍රමෝපායන් විධිමත් කිරීමේ ප්‍රමාණවත් විධිවිධාන ප්‍රාදේශීය සභා වෙත පිරිනැමීම සඳහා මෙම කාර්යය සිදු කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook