
පළාත් පාලන ආයතන වල සේවයේ නියුතු නිළධාරින් සඳහා පරිගණක පුහුණු වැඩසටහන්.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ, නිරතුරුවම යාවත්කාලීන වන පරිගණක තාක්ෂණය භාවිතා කරමින්, පළාත් පාලන ආයතන වල සේවයේ නියුතු නිළධාරින්ගේ කාර් යාලීය කටයුතු විධිමත්ව හා ඵලදායිව ඉටුකර ගැනීම සඳහා පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිව පවත්වනු ලබන පරිගණක පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩමුළුව ලෙස, MS Word මෘදුකාංගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන, 2022.12.16 දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, මහනුවර පළාත් පාලන සහකාර කොමසාරිස් කාර් යාලයේ සංවර් ධන නිළධාරි එස්.එම්.එස්.එල්. බණ්ඩාර මහතා විසින් ලබා දෙන ලදී.