
වියදම් කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන අතර අන්තර් සහයෝගයෙන් කටයුතු කිරීම කාලින අවශ්‍යතාවයක්.
වියදම් කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන අතර අන්තර් සහයෝගයෙන් කටයුතු කිරීම කාලින අවශ්‍යතාවයක්.
වියදම් කළමනාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන අතර අන්තර් සහයෝගයෙන් කටයුතු කිරීම කාලින අවශ්‍යතාවයක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති තිලක් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ (22) පැවතී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අමතමිනි.
වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත නියංගොඩ සළුසල පේෂකර්ම මධ්‍යස්ථානය පසුගිය දා ජනතාවට නැවත ලබාදීම සිදු කළ බවත් ,එමගින් විශාල රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් මෙන්ම දේශීය කර්මාන්තයක් ලෙස නැවත නගාසිටුවීමට හැකිවීම භාග්‍යයක් බවත් පැවසු ඒ මහතා ඇස්තමේන්තුව මිලියන 15 ක් වූවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත වියදම රුපියල් මිලියනයකට සීමා කර ගනිමින් ජනතාවට ඵලදායී සේවාවක් සැපයීමට කටයුතු කිරීම අගයකළ යුතු බවත් ඒ සදහා මැදිහත්ව කටයුතු කළ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට හා නිලධාරින්හට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන බව සම්බන්ධිකරණ කමිටු සභාපතිවරයා පැවසිය.
මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙතෙක් නොවිසදුනු ගැටළු කඩිනමින් විසදාලමින් ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් පවතින සියලුම රාජ්‍ය හා පළාත් සභා ආයතන එක්ව කටයුතු කිරීම වෙනුවෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා මැදිහත්ව කටයුතු කිරීම අවශ්‍යතාවයක් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතා ,මහනුවර මහා නගර සභාවේ පුරපති කෙසර සේනානායක මහතා ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානින් , මධ්‍යම පළාත් සභාවේ ආයතන ප්‍රධානින් , අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ,ආරක්ෂක අංශ ප්‍රධානින් සහභාගී වුහ.