
අඹගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොළොස් වෙනි ජංගම සේවාව.
අඹගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොළොස් වෙනි ජංගම සේවාව.
අඹගමු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2022 වර්ෂෙයහි දොළොස් වෙනි ජංගම සේවාව පසුගිය (20) දින හිටිගේගම, හගරාපිටිය, මිනුවන්දෙනිය, ජම්බුතැන්න, කොත්තැල්ලෙන යන ග්‍රාම නිලධාරී වසම් වල ජනතාව ඉලක්ක කරගනිමින් පැවැත්විණ.
ප්‍රාදේශීය ලේකම් සිතාරා ගමගේ මහත්මිගේ මෙහෙය වීමෙන් පැවැති මෙම ජංගම සේවාවේදි වැඩිහිටි හැදුනුම්පත් නිකුත්කිරීම ,හැදුනුම්පත් ඒකකය මගින් හැදුනුම්පත් නිකුත් කිරීමේ සාමාන්‍ය සේවාව හා එක් දින සේවාව ක්‍රියාත්මක කිරීම , උප්පැන්න සහතික නිකුත් කිරීම සදහා ලිපිගොනු සැකසීම , විවාහ ලියාපදිංචි කරදීම, පාසල් නොයන දරුවන් පාසල් ගත කිරීම , රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීමේ හා වෘත්තීය මාර්ගෝපදේශ සේවා , ආබාධිත දරුවන් සදහා සේවා සැපයීම , උපදේශන සේවාව ,කාන්තා හා ළමා ගැටලු නිරාකරණය ඇතුලු සේවාවන් රැසක් සිදු කරන ලදි.