මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනයට පළාත් නිවාස  දෙපාර්තමේන්තුවෙන් අත්වැලක්.

මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනයට පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් අත්වැලක්.

මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනයට පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් අත්වැලක්. මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව 2005 වර්ෂයේ සිට “සහන් පියස” නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නිවාස ණය වැඩසටහන ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ මූලික අරමුණින් හා වඩාත් සඵලදායී ලෙස ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය බැංකුව සමඟ එක්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එහි මුලීක පියවරක් වශයෙන් 2022.11.21 දින මහා මාර්ග අමාත්‍යාශ ලේකම්තුමිය,පළාත් නිවාස කොමසාරිස්තුමිය,ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සහකාර දිස්ත්‍රික් කලමානාකරු ඇතුළු නිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සහන් පියස නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදි. මේ වන විට මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 36 ම ආවරණය වන පරිදි වැඩසටහන් සාර්ථකව පවත්වා ඇති අතර ඒ තුළින් ප්‍රතිලාභින් 1350 පමණ දැනුවත් කිරීමට හැකියාව ලැබුණි.මෙම ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට නිවාස දෙපාර්තමේන්තුවේ කොට්ඨාශ භාර නිලධාරින්,ප්‍රාදේශිය සංවර්ධන බැංකුවල කාර්ය මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම්වරුන් සහ කාර්ය මණ්ඩලය විශාල සහයෝගයක් ලබාදෙන ලදි. මෙම නිවාස ණය වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ස්ථීර පදිංචි සමෘද්ධිලාභීන්ට /අඩු ආදායම්ලාභීන්ට 8% ක වාර්ෂික පොළිය මත, හීනවන ශේෂ ක්‍රමය යටතේ මෙම ණය මුදල ලබා ගැනීමට හැකියාව පවතී මෙම නිවාස ණය වැඩසටහන යටතේ මීට පෙර ලබාදෙන ලද උපරිම ණය මුදල රු.100,000/= කි. වර්තමානයේ එම මුදල ණය ඉල්ලුම්කරුගේ නිවාස අවශ්‍යතාවය අනුව රු.50,000/- සිට 200,000/- දක්වා අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදි ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ඒකාබද්ධව මෙම සහන් පියස ණය මුදල ප්‍රතිලාභියාට විධිමත්ව ලබාදීමට කටයුතු කරනු ඇත. මෙමගින් අඩු ආදායම්ලාභි පවුල් තම නිවස ඉදිකර ගැනිමට යොමු විම හා අඩක් නිම කළ නිවාස ඉදිකිරීම අවසන් කිරිමට පෙළඹි ඇත. මෙලෙස ඉතා අඩු පොළී අනුපාතයකට මෙවැනි ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 පුරා ක්‍රියාත්මක කරන එකම දෙපාර්තමේන්තුව වශයෙන් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව දැක්විය හැකිය.නිවසක් ඉදිකර ගැනිමට /සංවර්ධනය කර ගැනිමට පසු වන ප්‍රජාවට දැනට පවතින බැංකු වල පවතිව පොළි අනුපාතයට සාපේක්ෂව ඉතා අවම පොළියක් යටතේ මෙම නිවාස ණය ලබා ගත හැකිය. “සහන් පියස” නිවාස ණය වැඩසටහන තුළින් නිවාස හිමිකමට උරුමකම් කියන අභිමානවත් සමාජයක් බිහිකරලීම සඳහා නිවාස කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය නිතැතින්ම ක්‍රියාත්මක වේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook