පළාතේ සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයේ.

පළාතේ සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයේ.

පළාතේ සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයේ. මහත් සේ ආඩම්බර විය හැකි දියුණු සංස්කෘතියක් අප සතුව ඇති බවත්, බුදු දහමෙන් එය පෝෂණය වූ බවත්, අපට ම ආවේණික අනන්‍යතාවක් ගොඩ නංවා ගැනීමට හැකි වූයේ එහෙයින් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදුව ඊයේ (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති 2022 සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයීමේ හා සාහිත්‍ය තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවක් වෙත ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. සාහිත්‍ය තරග නවකතා අත් පිටපත්,කෙටිකතා, පද්‍ය රචනා., රසවින්දනාත්මක ලේඛන ඇතුළු අංශ ගණනාවක් යටතේ පවත්වන ලද්දේ පාසල්, දහම් පාසල්, විවෘත හා රාජ්‍ය යන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙනි. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල, පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook