
මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විවාදාත්මක සාකච්ඡාවක්.
මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විවාදාත්මක සාකච්ඡාවක්.
මත් ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ හා ශිෂ්‍ය පරපුර මුදවා ගැනීමේ වගකීම වැඩිහිටි සියලු දෙනා වෙත පැවරෙන බවත්, එහිදී ඒ ඒ පාර්ශව තමනට අදාළ ප්‍රවේශවීම් ඔස්සේ ඊට එක් විය යුතු බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. එසේම මෙහිදී මාධ්‍ය , අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ වෙත පැවරෙන වගකීම තීරණාත්මක වන බවත් බවද ඔහු කියා සිටී. විවෘත වේදිකාවක් මත මෙකරුණ සම්බන්ධයෙන් තවදුරටත් සංවාද කලයුතු බවත්, නිවැරදි පිළිවෙත් හඳුනා ගත හැක්කේ එමඟින් බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ ‘මත්ද්‍රව්‍ය භාවිතය, සන්නිවේදනය හා වත්මන් අභියෝග’ මැයෙන් ඊයේ (28) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාමය වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මධ්‍යම පළාත් සභාව හා පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට මහනුවර ප්‍රදේශයේ මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද, විදුහල්පතිවරුන් හා උපදේශන විෂය භාර ගුරුභවතුන් පිරිසක් ද එක්ව සිටියහ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා ‘හෙල්දි ලංකා’ ආයතනයේ ප්‍රධානීන් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්තමාන සැබෑ තත්ත්වය හා එය මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී පැන නඟින ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. පාසල් ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමේ දී මතුවන දුෂ්කරතා සමබන්ධයෙන් විදුහල්පතිවරුන් හා උපදේශනය විෂය භාර ගුරු භවතුන් ද, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ජනගත කිරීමේදී අනුගමනය කරන හා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීහු ද අදහස් දැක්වූහ.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක හා මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද සාකච්ඡාවට අදහස් දක්වමින් සහභාගී වූහ.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.