
උත්තම ප්‍රභා විදුහල්පති ප්‍රණාම උළෙල - 2022/2023 .
උත්තම ප්‍රභා විදුහල්පති ප්‍රණාම උළෙල - 2022/2023 .
අද රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතා ඇගයීම සදහා නිසි ක්‍රමවේදයක් නෑ.කාර්යය සාධනය සාම්ප්‍රදායික මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. මේ ක්‍රමවේදයන් ගෙන් ඔබ්බ්බට ගොස් නව සාධනීය වූ ඇගයීම් ක්‍රමයකට අප ගමන් කළ යුතු කාලය එලබිලා. ආයතනයක් , රටක් දියුණු වෙන්නේ එවැනි දක්ෂතා මත පදනම් වූ නව ඇගයීම් ක්‍රමවේදයන් ඔස්සේ යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ වත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ වැඩසටහන “උත්තම ප්‍රභා ප්‍රණාම උළෙල” පසුගිය (17 දින) කුණ්ඩසාලේ රෝයල් ක්ලැසික් හෝටල් පරිශ්‍රයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය.
මෙහිදී ඉගැනුම් ඉගැන්වීම ක්‍රියාවලිය නිවැරදි දිශානතියක් වෙත යොමු කරමින් අධ්‍යාපනයේ ප්‍රතිපල ඉහළ තලයකට ගෙනයාම,ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් වලින් කලාපයක් ලෙස අත්කරගත් ජයග්‍රහණ වෙනුවෙන් වඩා ඉහල සාධනයක් සහිත පාසල් හා විදුහලපතිවරුන් ඇගයීමට ලක් කිරීම සිදු කරන ලද අතර , ශිෂත්ව විභාගය ,අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් වලදී පාසල් අත්කරගත් ජාතික මට්ටමේ විභාග ප්‍රථිපල පාදක කර ගනිමින් පාසල් පද්ධතියේ උන්නතිය උදෙසා දැක්වූ දායකත්වය මත මෙම ඇගයීම් සිදු කරන ලදී.
මෙහිදී වත්තේගම අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක වරුන් ,විදුහල්පතිවරුන් ,සහකාර හා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ප්‍රණාම ලැබිය.
වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහතාම මහතමින් , පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූ අතර මෙම ප්‍රණාම උළෙල සදහා අනුග්‍රාහක ආයතනයක් විසින් දායකත්වය ලබාදීම විශේෂත්වයකි.