'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය.

'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය.

'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය 75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිති කොට ගෙන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය , පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ හා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වය හා සහය සහිත ව සංවිධානය කළ 'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි . මේ සඳහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරුසේවා), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්),පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව , සභා ලේකම් කාර්යාලය හා පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ගායක කණ්ඩායම් ඉදිරිපත් වූහ. ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ කලා කුසලතා ඔප් නංවන මෙබඳු වැඩසටහනක් ජාතික නිදහස තේමා කොට ගෙන නිර්මාණය කිරීම අතිශය වැදගත් බව යි. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද අදහස් දැක්වී ය. ජාතික නිදහස සැමරීමේ අතීත හා වර්තමාන වැදගත්කම පිළිබඳ සාරගර්භ දේශනයක් පවත්වමින් වැඩසටහන අර්ථවත් කරන්නට එක් වූයේ සබරගමුව නියෝජ්‍ය පුරා විද්‍යා කොමසාරිස් විරාජ් බාලසූරිය මහතා යි. ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද,පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හා පළාත් සභා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීහු මේ විචිත්‍ර හා උද්‍යෝගිමත් අවස්ථාවට සපැමිණ සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook