
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය මහනුවරදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය මහනුවරදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමුවක්.
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් (Bonnie Horbach) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා සිදුවිය.
මෙහිදී තානාපතිවරිය සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු හුවමාරු වූ අතර, මැදරට සංවර්ධනය සදහා ලබාදිය හැකි සහාය පිලිබදව දීර්ඝ ව සාකච්ඡා කරනු ලැබිය.
මධ්‍යම පළාතේ පවතින ශක්‍යතා සහ අවස්ථා නිවැරදි ව හදුනා ගනිමින් සංචාරක ව්‍යාපාරය මුලිකව ව ගොඩ නැගිය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අත්දැකීම් හුවමාරු කර ගනු ලැබූ අතර අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම සුහද හමුවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.