පිත්තල කර් මාන්ත ශිල්පින් ගේ ගැටළු හදුනා ගැනීමේ වැඩපිළිවෙලක්.

පිත්තල කර් මාන්ත ශිල්පින් ගේ ගැටළු හදුනා ගැනීමේ වැඩපිළිවෙලක්.

පිත්තල කර් මාන්ත ශිල්පින් ගේ ගැටළු හදුනා ගැනීමේ වැඩපිළිවෙලක්. සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කරමින් , නුතන තාක්ෂනය භාවිතයෙන් තරුණ ව්‍යාවසායකත්ව සංවර්ධනය කිරීම තුලින් රටේ සංවර්ධනයට නිර්මාණශිලි තාරුණ්‍යය දායක කර ගැනීමේ අරමුණෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පිළිමතලාව කිරි වවුල පිත්තල කර්මාන්ත ගම්මානයේ ශිල්පින් සමග ඍජු සංවාදයකට නිරත විය. පිත්තල කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු සම්බන්ධයෙන් සහ ඊට අදාළ පිළිතුරු ලබා දීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද ව මෙහිදී දිර් ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරෙනු අතර ,ශිල්පින් ගේ අදහස් හා යෝජනා කඩිනමින් අදාළ පාර්ශව වෙත යොමු කොට ලබා දිය හැකි කඩිනම් විසදුම් ලබා දීමට පළාත් ආණ්ඩුකාරවරයා නිලධාරින් ට උපදෙස් ලබා දුන්නේය. ජාතික මට්ටමෙන් ගතයුතු තීරණ සම්බන්ධයෙන් විධිමත් සන්දේශයක් සකස් කොට ජනාධිපතිවරයා සමග සාකච්ඡා වක් පවත්වා විසදුම් ලබා ගැනීමටත් , නවීන තාක්ෂණික මෙවලම් හා ශිල්ප ක්‍රම භාවිතය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ජාතික මෝස්‌තර මධ්‍යස්ථානය වැනි ආයතන සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ගේ මැදිහත් වීමෙන් එම දැනුම ශිල්පින් වෙත ලබා දීමට ද පියවර ගන්නා ලෙස පළාත් කර්මාන්ත අමාත්‍යාංශය ට උපදෙස් දෙනු ලැබිය. වර්තමාන අභියෝග හමුවේ තම කර්මාන්තයේ හෙට දවස ඉතා අවිනිශ්චිත බවත් , තරුණ කණ්ඩායම් අවධානම හේතු කොට සම්ප්‍රදායික කර්මාන්ත වලින් බැහැර වන බවත් මෙහිදී කිරිවවුල ශිල්ප සංවර්ධන සමිතියේ සභාපති එදිරිසිංහ මැණික් බෝව මහතා පෙන්වා දුන්නේය. අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාවය, නිෂ්පාදන පිරිවැය ඉහල යෑම , අධික විදුලි බිල , අලෙවි කිරීමේ අභියෝගයන් , උපකරණ සහ උපාංග සාධාරණ මිලකට මිලදී ගැනීමට නොහැකි විම ආදී කරුණු මුලිකව කර්මානතයක් ලෙස පිත්තල කර්මාන්ත ය පවත්වා ගෙන යාමේ දුෂ්කරතාවයන් පිලිබදව කරුණු ඉදිරිපත් විය. මේ සියලු කරනු පිළිබද තමා ජනපතිවරයා වෙත සවිස්තරාත්මක වාර්තාවක් ලබා දීමටත් , අවශ්‍ය හැකි සෑම පියවර ම ගැනීමටත් , මධ්‍යම පළාතටත් , සමස්ත රටටත් අභිමානයක් මෙන් ම ඉහල අගයක් එක් කරන මෙවන් හස්ත කර් මාන් තයන් ආරක්ෂා කොට රැක ගැනීම ජාතික වගකීමක් බවත් , තමා ඒ වෙනුවෙන් උපරිම ලෙස සහාය හා මැදිහත් වීම සිදු කරන බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා පැවසිය. කිරි වවුල උතුර සහ නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් දෙක මුලිකව සාමාජිකයන් 110 ක පමණ සිල්පින් පිරිසක් මෙම ශිල්ප සංවර් ධන සමිතිය නියෝජනය කරනු ලබන අතර , අමතරව පමුණුව, ගඩලාදෙණිය, පිළිමතලාව සහ අවට ගම්මාන රාශියක විසිරුණු ශිල්පින් විශාල ප්‍රමාණයක් මහා පරිමානයේ සිට ක්ෂුද්‍ර පරිමානය දක්වා වූ ව්‍යාපාරවල නිරත වී සිටියි. ගෘහස්තව ඉතා අවම මට්ටමෙන් ශිල්පිය කර් මාන් තයන් හි නිරත පිරිසක් ද මෙම ගම්මන වල ජිවත් වෙති. සාකච්ඡා වට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබද ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත විය. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත ලේකම් උපාලි රණවක ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය සරත් සෙනවිරත්න , උඩුනුවර ප්‍රාදේශීය ලේකම් ආර්.ටි. බි සුමනසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක් විය. පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා විසින් මෙම හමුව සංවිධානය කරනු ලැබිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook