මහනුවර වැව  සුරක්ෂා කිරීමේ කළමනාකරණ කමිටුව රැස්වේ.

මහනුවර වැව සුරක්ෂා කිරීමේ කළමනාකරණ කමිටුව රැස්වේ.

මහනුවර වැව සුරක්ෂා කිරීමේ කළමනාකරණ කමිටුව රැස්වේ. උඩරට රාජධානියේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් 1810-1812 අතර කාලයේදී ඉදිකරන ලද කිරි සයුර නමින් ප්‍රකට මහනුවර වැව සුරක්ෂා කිරීමේ කලමාණාකරන කමිටුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේදී පසු ගියදා පැවැත්විණ. උඩවත්තකැලේ හා දුනුමඩලාව රක්ෂිතයේ පාමුල පිහිටා ඇති මනුවර වැව අක්කර අඩි 700 ක් පමණ භූමියක් පුරා විහිදී ඇති මීටර් 10.5 ක් පමණ ගැඹුරකින් යුත් වාන් දිරටු දෙකකින් සමන්විත ප්‍රධාන රොන් මඩ රදන 05ක් හා කුඩා රොන්මඩ රදන23කින් යුත් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්වභාව සෞන්දර්ය වැඩි කිරීම සදහා තනන ලද්දකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ලෝක උරුම නගර මධයේ පිහිටා ඇති මහනුර වැව විවිධ මානව ක්‍රියා කාරකම් හා පාරිසරික හේතුන් මත කාලීනව ගොඩනැගුනු ගැටළු ගණනාවක් මේවනවිට නිර්මාණය වී තීබේ .එම ගැටළු පිලිබදව දීර්ඝ වසයෙන් සාකච්ඡාවට බදුන්විය . X ජලපෝෂිතප්‍රදේශයේ අධික ලෙස රොන්මඩ තැන්පත් වීම . X ජාල පෝෂිත ප්‍රදේශයන් අවිධිමත් ලෙස බැහැර කරන ඝන අපද්‍රව්‍ය ප්‍රධාන ජාල මාර්ග ඔස්සේ වැවට එකතුවීම. X අප ජලය වැවට එකතු විම . X වැව අවට ගස්වල වාසය කරන පක්ෂීන්ගේ වසුරු හේතුවෙන් පදික වේදිකාව අපවිත්‍ර වීම හා අධික දුර්ගන්ධය. . X බැහැර කරන රොන් මඩඉවත් කිරීම සදහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම. X අධික මත්ෂ්‍ය ගහනය. අනාගත පරපුර සදහා සුරක්ෂා කොට දායාද කලයුතු මෙම වැව ආරක්ෂා කිරීම සදහා කෙටිකාලින හා දිගුකාලින වැඩසටහනක අවශ්‍යතාව හදුනාගැනීමත් ඒ සදහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමට ත් අවශ්‍ය මාර්ගෝපදේශයන් ඒ ඒ ආයතන මගින් ලබාගෙන මසක් ඇතුලත ඉදිරිපත් කිරීමටත් ඒ අනුව ක්‍රියාකාරකම් පෙළගැස්වීමටආණ්ඩුකාර තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවතී නුවර වැව කමනාකරණ කමිටු රැස්වීමේදී අවධාරණය කරන ලදී. මෙම සාකච්ඡාව සදහා මහනුවර වාරිමාර්ග කලාප අධ්‍යක්ෂ ඉංජිනේරුකේ .ඩි.කුමුදිනි ධිරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.බි.එස්.එන.ජිනදාස ශ්‍රී දළදා මාළිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ රන්ජිත් බණ්ඩාර ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook