
ඇසළ පෙරහැර මංගල්‍යයට පෙරාතුව මහනුවර නාගරික අපජල ව්‍යාපෘතිය නිම කොට එහි පැවැත්ම හා නඩත්තුව පිළිබඳ සියලු වගකීම් මහනුවර මහා නගර සභාව වෙත .
මහජනතාවට කිසිදු අපහසුවක් ඇති නො වන අන්දමින් එළැඹෙන ඇසළ පෙරහැර මංගල්‍යයට පෙරාතුව මහනුවර නාගරික අපජල ව්‍යාපෘතිය නිම කොට එහි පැවැත්ම හා නඩත්තුව පිළිබඳ සියලු වගකීම් මහනුවර මහා නගර සභාව වෙත භාර දිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. පසුගිය සමයේ මහනුවර සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘති කිහිපයක් ම අතරමඟ නැවතී ඇති බව පෙන්වා දුන් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බව ය. මධ්‍යම පළාත් සභාවේ උපරිම සහය මේ වෙනුවෙන් ලබා දෙන බව සඳහන් කළ ගමගේ මහතා ඕනෑම ව්‍යාපෘතියක් පසුවිපරම් කිරීමේ වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කළේ ය.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය, ඉදිරි සැලසුම් හා කාර්යයන් සම්බන්ධයෙන් (24) අද දින පස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක මුලසුන දරමිනි.
මේ සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් රෝහිත ලාල් ධර්මසිරි මහතා හා ජල සම්පාදන මණ්ඩලයේ සභාපති එන්.රණතුංග මහතා ද, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.සමරදිවාකර මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්. විජේපාල මහතා හා මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ද ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.