ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම

ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම

මහනුවර අස්ගිරි මහා විහාරයට අයත් ශ්‍රී විජයසුන්දරාරාමයේ -ගුන්නෑපාන පන්සලේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය කොට මහා සංඝරත්නය වෙත භාරදීම අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ හා අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) පෙරවරුවේ සිදු කෙරිණි. මේ අවස්ථාවට ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා යි. පැවැති සංඝාවාසය අලුත්වැඩියා නො කොට ප්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී තිබිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේත්, ශ්‍රී ලංකා පොලිසියේත් සහය මෙහිදී ලැබුණු බව ද සඳහන් වේ. ඉංජිනේරුමය කාර්යයන් සඳහා උපදෙස් හා මඟ පෙන්වීම ලබා දී තිබුනේ මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා යි. මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතාද, ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හා සතර දේවාල බස්නායක නිලමේවරු ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා හා මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්ලිව්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා ද, නාවික හා යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මහනුවර පොලිස් ප්‍රධානීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook