ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගඟසිරිපුර පෙරහර මංගල්‍ය සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොල චක්කින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේදීපසුගිය (03) පැවැත්විය. ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම විදහාදක්වමින් ගම්පොල රාජධානි යුගයේ විශිෂ්ටත්වය යළි අනාගත පරපුරට දායාද කරමින් ශාසනික ආගමික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද ගඟසිරිපුර පෙරහර මංගල්‍යය ඉකුත්දා සාර්ථකව අවසන් කරන ලද අතර ඒ සඳහා සහභාගී වූ ශිල්පීන් හා සංවිධායක කමිටුව ඇගයීමට ලක් කිරීම හා ඔවුන්හට උපහාර පිදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර පැවතුණි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා පැවසුයේ කළ සේවයට උපහාර හා කෘතගුණ දැක්වීමේ ප්‍රථම ආදර්ශය සිදු කළේ බුදුන් වහන්සේ බවත් ඒ මඟ යමින් කුමන බාධක පැමිණියත් ආගමික පුනරුදය හා සංස්කෘතික උරුමයන් රැක ගැනීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ඉටුකරන මෙහෙය අති විශාල බවයි . සහජීවනය අවශ්‍යම යුගයක ගම්පොළ යුගයට නව සංස්කෘතිකාංග එක් කරමින් සියලු ආගමික ස්ථාන එක් කරමින් විශිෂ්ට සේවාවක් ලබාදෙමින් බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා දක්වන දායකත්වය කාලීන අවශ්‍ය තාවයක් වන බව වැඩිදුරටත් පැවසීය. මෙම පෙරහර බුද්ධශාසන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිදුකරනු පෙරහැරක් ලෙස නීත්‍යානුකූල තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇත. ගම්පොල ශ්‍රී චකින්දාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ, ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත බලංගොඩ සමිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා මහා සංඝරත්නය , හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ගම්පොළ නගරාධිපති සමන්ත අරුණ කුමාර, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති රෝහණ බණ්ඩාර උඩපළාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන්, ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, ගම්පොළ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ පොලිස් ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook