දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ දෙවන අදියර මහනුවර කලාපයේ පාසල් අතරට.
දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ දෙවන අදියර මහනුවර කලාපයේ පාසල් අතරට,
විභාග තරගකාරිත්වය හමුවේ දරුවන් සහ දෙමව්පියන් අතරින් ගිලිහි යන ඇති සමාජ සහ සංස්කෘතිකමය සහජීවනය නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පය ට අනුව පසුගිය පාසල් වාරයේ ආරම්භ කරන ලද දැනුවත් ව දිනවමු වැඩසටහනේ දෙවන අදියර අද මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් වලින් ආරම්භ කෙරෙණි,
පෙරවරුවේ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සහ පස්වරුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ දී පැවති සම්මන්ත්‍රණ සදහා 04 සහ 05 යන ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් ගේ දෙමව්පියන් සහභාගී විය. විශේෂයෙන් 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්කව දරුවන් වෙත ලබා දෙන පීඩනය හේතු කොට දරුවා ගේ නිදහස් චර්යා රටාවන් t සිදුවන හානියත් , දරුවන්ට තම පරිසරය, වටපිටාව සහ ගෙදර තුල දීම ලැබිය හැකි සහ උගත හැකි ළමා අවධියේ සුන්දර අත්දැකීම් හා අධ්‍යයනයන් දෙමව්පියන් විසින් අහිමි කිරීමේ ඛේදවාචකය පිලිබදව වැඩසටහනේ දේශක මාධ්‍යවේදී , නිතීඥ ගාමිණි විජේවර්ධන මහතා නිදසුන් සහිතව විස්තර කළේය.
මෙම අවස්ථාවන් සදහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂිකා දීපා රණසිංහ මහත්මිය සහභාගී වූ අතර , විද්‍යාර්ථ විදුහලේ විදුහල්පති මේජර් එම්. ආර්. පී. මායාදුන්නේ සහ සුමංගල විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පති අනුර දිසානායක යන මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළු සංවිධානය විය.