
දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් අද මහනුවර දී.
දැනුවත් ව දිනවමු දරුවන් වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් අද මහනුවර දී.
විභාග තරගකාරිත්වය, මානසික පීඩනය ,සමාජීය ගැටළු , දෙමව්පිය බලපෑම යනාදී කරුණු හමුවේ දරුවන් ට අහිමි කරන ළමා අවදියේ සුන්දරත්වය වින්දනය කිරීමේ ඉඩකඩ අසුරා දැමීම සහ වැඩිහිටියන් වෙතින් ගිලිහි යන සමාජ සහ සංස්කෘතිකමය සහජීවනය නැවත ගොඩ ගැනීමේ අරමුණෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පය ට අනුව පසුගිය පාසල් වාරයේ ආරම්භ කරන ලද දැනුවත් ව දිනවමු වැඩසටහනේ තවත් වැඩසටහන් දෙකක් අද මහනුවර දී පැවැත්විණ.
පෙරවරුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සහ පස්වරුවේ මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ දෙමව්පියන් වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණ සදහා 04 සහ 05 යන ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන් ගේ දෙමව්පියන් සහභාගී විය. විශේෂයෙන් 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්කව දරුවන් වෙත ලබා දෙන පීඩනය හේතු කොට දරුවා ගේ නිදහස් චර්යා රටාවන් ට සිදුවන හානියත් , දරුවන්ට තම පරිසරය, වටපිටාව සහ ගෙදර තුල දීම ලැබිය හැකි සහ උගත හැකි ළමා අවධියේ සුන්දර අත්දැකීම් හා අධ්‍යයනයන් දෙමව්පියන් විසින් අහිමි කිරීමේ ඛේදවාචකය පිලිබදව වැඩසටහනේ දේශක මාධ්‍යවේදී , නිතීඥ ගාමිණි විජේවර්ධන මහතා නිදසුන් සහිතව විස්තර කළේය.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය ,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ ප්‍රාථමික විෂය භාර සහකාර අධ්‍යක්ෂ දීපා රණසිංහ මහත්මියගේ සම්බන්ධීකරණයෙනි. උසස් බාලිකාවේ විදුහල්පතිණි මල්කාන්ති අබේගුණවර්ධන සහ විහාර මහා දේවි බාලිකාවේ වීදුහල්පතිණි නිලක්ෂිකා හපුගොඩ යන මහත්මින්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළු සංවිධානය විය.