තෙල්දෙණිය දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව අභිමන් උපහාර උළෙල.

තෙල්දෙණිය දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව අභිමන් උපහාර උළෙල.

තෙල්දෙණිය දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව අභිමන් උපහාර උළෙල. දුම්බරටම ආදර්ශයක් යන දැක්ම යතාර්ථයක් බවට පත් කරමින් තෙල්දෙණිය දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහලේ “ශිෂ්‍යත්ව අභිමන් උපහාර උළෙල” පසුගියදා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය පරිශ්‍රයේදී පැවැත්විණ. ශිෂ්‍යත්ව විභාගයේදී තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ වැඩිම ප්‍රතිපල ගෙනෙන දුම්බර ආදර්ශ ප්‍රාථමික විදුහල මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රමාණය වන 153 ඉක්මවූ දරුවන් 40 දෙනෙකු මෙම උපහාර උළෙලේදී ඇගයීමට ලක් වූ අතර , මේ අතරින් වැඩිම ලකුණු ලාභීන් ලෙස ලකුණු 184 බැගින් ලබාගත් දරුවන් දෙදෙනෙකු සිටීම විශේෂත්වයකි. විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විජේසිංහ මහතාගේ මගපෙන්වීම මත සංවිධානය වූ මෙම දරුවන් ඇගයීමේ වැඩසටහනේ විශේෂ දේශනය මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ විදුහල්පති අසේල රවින්ද්‍ර මහතා විසින් සිදු කරන ලදී. පරිපුර්නත්වයෙන් යුක්ත දරුවෙකු සමාජගත කිරීම හා ද්විතික අධ්‍යාපනයට යොමුකිරිමේ ප්‍රමුඛ අරමුණ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සදහා මැදදුම්බර කොට්ඨශ අධ්‍යාපන අධ්‍යක්ෂ විනෝකා දීගල ,තෙල්දෙණිය මුලස්ඨාන පොලිස් පරීක්ෂක සි.අයි.ඒකනායක , පෞද්ගලික ආයතන රැසක ආයතන ප්‍රධානින් ,දෙමාපියන් ,ආදී ශිෂ්‍යන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook