
දැනුවත්ව දිනවමු දරුවන්’ නගරයෙන් බැහැරට.
දැනුවත්ව දිනවමු දරුවන්’ නගරයෙන් බැහැරට.
පාසල් සිසු ප්‍රජාවගේ අධ්‍යාපනික, සමාජයීය හා සංස්කෘතික පෝෂණය සඳහා ගත යුතු අභිනව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙමාපියන් දැනුම්වත් කරන ‘දැනුවත්ව දිනවමු දරුවන්’ සංවාදාත්මක වැඩසටහන් මාලාවේ තවත් අවස්ථාවක් පසුගිය දා මහනුවර අධ්‍යාපන කලාපයට අයත් මාරස්සන ප්‍රාථමික විදුහල කේන්ද්‍ර කොට ගෙන පැවැත්විණි. මාරස්සන ප්‍රාථමික විදුහල හමුවන්නේ මහනුවර සිට කි.මී.23ක් ගමන් කිරීමෙන් අනතුරුව ය. මේ මෙම වැඩසටහන් මාලාවේ එකොලොස්වන වැඩසටහන යි.
‘දැනුවත්ව දිනවමු දරුවන්’ වැඩසටහන් මාලාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සංකල්පයක් යථාවත් වීමකි. පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ කාර්යය සම්බන්ධීකරණය කරයි. වැඩසටහහන් ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ ගාමිණී විජේවර්ධන මහතා යි.
පාසලේ පසුබිම හා ස්වභාවය පිළිබඳ විවරණයක නිරත වෙමින් සිසුන්ගේ හා දෙමාපියන්ගේ ආකල්ප හඳුනා ගැනීමත්, උක්ත අරමුණු ඉටු කර ගනු වස් අවශ්‍ය පරිවර්තන හඳුන්වා දීමත් මෙහිදී සිදු කෙරිණි. මේ ඔස්සේ සිසුනගේ අධ්‍යාපනික ප්‍රගතිය සේම ක්‍රීඩා හා සෞන්දර්ය කුසලතා ඔප් නැංවීමට අවශ්‍ය සාධක නිර්මාණය කර ගත හැකි වනු ඇත.
විදුහල්පති ගාමිණී විතාරණ මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කළහ.