මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට.

මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට.

මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට. වසර ගණනාවක සිට මධ්‍යම පළාත් සභාව විසින් භුක්ති විදිනු ලබන ඉඩම් නියමානුකුල නොවීම හේතුවෙන් ගැටළු රාශියක් නිර්මාණය වී ඇත. අදාල ගැටළු නියමානුකුල කිරීම සදහා අවස්ථා ගණනාවක දී උත්සාහයන් ගනු ලැබුව ද ඒවා සාර්ථක නොවු හෙයින් ඒවා ඒ ආකාරයෙන් ම පැවතුණි. මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් ඒකරාශී කොට සම්මුඛ ව සාකච්ඡා කොට අවශ්‍යතාවයන් හදුනා ගෙන නැවත ප්‍රමාදයෙන් තොරව දැන ට මධ්‍යම පළාත් සභාව සහ රාජ්‍ය ආයතන භුක්ති විදින සියලු ඉඩම් නිත්‍යානුකුලව පවරා දීමේ එකගතාවයකට එළඹීමට හැකි විය . මධ්‍යම පළාත් සභාවට අතිශය වාසිදායක වූ මෙම එකඟතාවට පළාත් සභා ප්‍රධානීන් හා ජාතික නිවස සංවර්ධන අධිකාරිය එළැඹුණේ සති අන්තයේ පෙරවරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවක දී ය. මෙතෙක් නිරවුල් නොවූ රාජ්‍ය ගොඩනැගිලි පිහිටි ඉඩම් අතර පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණය හා යෝජිත ගබඩා භූමිය, පළාත් සභා පිරිස් පුහුණු ඒකකය,පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය , ආයුර්වේද මධ්‍යස්ථානය, වානි දෙමළ විද්‍යාලය, ප්‍රාදේශීය සභා පුස්තකාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය, ජනසවිගම සායන මධ්‍යස්ථානය, ආයුර්වේද ඔසු උයන, පටක රෝපණාගාරය හා පර්යේෂණ ඒකකය, කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිල නිවස, පේෂකර්ම මධ්‍යස්ථානය, පළාත් සමුපකාර පුහුණු මධ්‍යස්ථානය හා නිවාඩු නිකේතනය, මැණික්හින්න සමුපකාර ප්‍රාදේශිකය, බැඳි නිවාස, විධායක ඉංජිනේරු කාර්යාලය හා නිල නිවාස පිහිටි ඉඩම් යන විශාල ඉඩම් ප්‍රමාණයක් අයත් වේ. එකගතාවයන් මත පළමු ව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් භාරයට පත් කොට අනතුරුව විධිමත් පරිදි ඒ ඒ ආයතන වෙත පවරා දීමට කටයුතු කෙරේ. මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා කියා සිටියේ නාගරික සංවර්ධන හා නිවස කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අනු දැනුම මත තමා මේ සාකච්ඡාව සඳහා අනුමැතිය ලබා දුන් බවත්, දීර්ඝ කාලයක් තිස්සේ නො විසඳී පැවැති ඉඩම් ගැටලුවකට යහපත් විසඳුමක් ලබා දීමට හැකි වීම ඉතා වැදගත් බවත් පෙන්වා දෙනු ලැබිය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ප්‍රථම අදාළ ප්‍රමුඛ නිලධාරීන් සමඟ යළි සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය . මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම ඉඩම් නිරවුල් කිරීමේ කාර්යය හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා අවධාරණය කළේ මධ්‍යම පළාත් සභාවේ අනාගත ක්‍රියාකාරිත්වය මෙම නියමානුකුල කරණය හේතුකොට වඩා විධිමත් වනු ඇති බවත් . ජාතික නිවස සංවර්ධන අධිකාරිය සමඟ මෙම ඉඩම් ගැටලු නිරාකරනය කර ගැනීම සහ මධ්‍යම පළාත් සභාවේ අනාගත අවශ්‍යතා සදහා ඉඩම් කොටසක් ලබා ගැනීම පිලිබදව ද රාජ්‍ය අමාත්‍යතුමාගේ අවධානය යොමු කල අතර ඒ සදහා ද ධානාත්මක ප්‍රතිචාරයක් ලැබුණි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි , මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග , කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් එස්. ඩී. නාගහතැන්න යන මහත්ම මහත්මින් ද මෙහි දී අදහස් දැක්වූ අතර රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ජී.කේ.එස්.එච් රාජනායක මහතා විසින් ඉටු කල සම්බ්න්ධිකරණ කාර්යය ද ඇගයීමට පාත්‍ර විය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මේ සාකච්ඡාවට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook