තෙල්දෙණිය මුලික රෝහලේ සුව විරුවන්ට උපහාර.

තෙල්දෙණිය මුලික රෝහලේ සුව විරුවන්ට උපහාර.

තෙල්දෙණිය මුලික රෝහලේ සුව විරුවන්ට උපහාර. රට තුළ පවතින ඖෂධ හා උපකරණ හිඟය ඇතුළු ගැටලු රැසක් රට තුළ නිර්මාණය වී පවතින මොහොතක එම අභියෝග ජය ගනිමින් වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දක්වන කැපවීම පිළිබඳව අපූරු සිදුවීමක් පසුගියදා මහනුවර ,තෙල්දෙණිය මූලික රෝහලෙන් වාර්තා විය. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හමුවේ වුවද එම අභියෝගය සාර්ථකව භාර ගනිමින් එන්ඩස්කෝප් තාක්ෂණය භාවිතා කර 67 හැවිරිදි කාන්තාවක ගේ අන්නසෝත්‍රයේ තිබුණු පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට තෙල්දෙණිය මුලික රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් විම නිසාවෙනි. තෙල්දෙණිය නාමය ශ්‍රී ලංකවට පමණක් නොව මුළු ලොවක් හමුවට ගෙන ගිය විශ්මිත සැත්කම සිදුකළ තෙල්දෙණිය මුලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරතන මහතා වෙත උපහාර පිදීමේ වැඩසටහනක් ඉකුත්දා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. මෙහිදී වෛද්‍යවරයා සිදුකළ වීර ක්‍රියාව ඇගයීමට ලක් කිරීම හා ඒ වෙනුවෙන් උපහාර පිදීම සිදු කරන ලද අතර ,රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.පි.වැලිවිට මහතා වෙතද උපහාර පිදීම සිදු කරන ලදී. මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වසර පහක් තුළ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙය හා සේවාව ඇගයීම සදහා සභාපතිවරයාහට උපහාර පිදීම ද ප්‍රාදේශීය සභාවේ නිලධාරින් විසින් මෙහිදී සිදු කරන ලදී. මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලය , තෙල්දෙණිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.පි.වැලිවිට , තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවින්ද්‍ර සේනාධීර , ප්‍රාදේශීය සභාවේ ලේකම් චාමින්දි අමදෝරු මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook