දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට.

දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට.

වචනයට සීමා නොවූ මධ්‍යම ආණ්ඩුකාර පොරොන්දුව මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අතින් දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරේ පසුගිය සැප්තැම්බර් මස 6 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර, එහිදී පාසලේ පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඒ මහතා පවතින ප්‍රතිපාදන යටතේ එම අවශ්‍යතා ලබාදීම සදහා කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි අතර, එය යථාර්තයක් කරමින් පොල්අතු ආවරණය කරන ලද තාවකාලිකව ඉදිකල පන්ති කාමරය වෙනුවට නව පාසල් ගොඩනැගිල්ලක් සහ භාවිතයට ගත නොහැකි මට්ටමේ පැවති විද්‍යාලයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම (23) සිදුවිය. මාධ්‍ය මගින් අදාල පාසල සම්බන්ධයෙන් කළ අනාවරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියේ, අභියෝගකාරී කාල පරිච්ජේදයක වූවත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සදහා කළ හැකි උපරිමට සිදු කිරීමට තම කටයුතු කරන බවත්, වර්තමාන ජනාධිපතිවරයාගේ සහ රජයේ සැලසුම් අනුව ලබා ගත් අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ සහාය ද ලබාගනිමින් ඉදිරියේදී පාසල් සදහා තව තවත් පහසුකම් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ලබා රට හැර යෑම වෙනුවට තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු ව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, දඹූල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.වීරසුන්දර, විදුහල්පති බී.නන්දසේන ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් ද එක් ව සිටියේය

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook