වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන්  ඇගයීමේ උළෙලක්.

වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ උළෙලක්.

මහනුවර වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ උළෙල අද පෙරවරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජී. එච්. ඒ. ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වටපුළුව ඇඹල රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ. මහනුවර අධ්‍යාපන කලාපයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වාර්තා කිරීමට සමත්ව ඇති මෙම විද්‍යාලයෙන් මෙවර විභාගයට පෙනීසිටි ළමුන් 25 දෙනාම ලකුණු 100ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් සමත්වී ඇති අතර වාර්තා වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 184 වේ. අවම ලකුණු සංඛ්‍යාව 106 කී. ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ ලවන් සස්මිත ශිෂ්‍යයායි. කාලයත් සමඟ වැසි යාමේ තර්ජනයට ලක්වූ විද්‍යාලයක් වන මෙම විදුහල නැවත 2013 ජනවාරි 21 වන දින ළමුන් 7 දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ කරනු ලැබු අතර ක්‍රමිකව සංවර්ධනය වී වර්තමානය වන විට දරුවන් ඇතුලත් කිරීමට ඉහළ තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇත. ඒ ඉහල අධ්‍යාපනික ප්‍රතිඵල හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් දරුවන් ප්‍රකට කරනු ලබන විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. වර්තමාන විදුහල්පතිනි ඩබ්.එන්. එස්. විජේතුංග මහත්මිය ඇතුළු ගුරු මඩුල්ලේ කැපවීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවලි න් විචිත්‍රවත් වුණු මෙම උපහාර උළෙල සඳහා ඇඹල රාජමහා විහාරාධිපති පුජ්‍ය ගල්ලෑල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහ දෙමව්පියන් , ආදී සිසුන් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook