ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් සමාජ සංවර්ධනයට වඩා හිතකර බවත්,  දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම  වේ.

ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් සමාජ සංවර්ධනයට වඩා හිතකර බවත්, දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වේ.

ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් සමාජ සංවර්ධනයට වඩා හිතකර බවත්, දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වී ඇති බව තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් දුම්බර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. එම්. පී. එස්. කේ. තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රඹුක්වැල්ල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා, අද සමාජයේ සියලු ක්ෂේත්‍රයන් තුළ පසුබෑමට, සමාජ ප්‍රගමනයේ අඩුවීමට ප්‍රමුඛව බලපා ඇත්තේ සියලුදෙනාගේ ආකල්පවල පවතින අඩුපාඩු බවත්, ආකල්ප වල පවතින ධනාත්මක සාධනයන් මඟින් සමාජ සංවර්ධනයට වඩා හිතකර වාතාවරණයක් ගොඩනැගීමේ පදනමව ඇති බව පැවසීය. රටේ අනාගතය ගොඩනගන දරු පරපුර තුළ අධ්‍යාපනයේ මෙන්ම ක්‍රීඩාවේ යහගුණයන් ලබාදීම මගින් තම ජීවිතය ආලෝකමත් කර ගැනීමට මනා පිටුවහලක් වන බවත් දිනන රටකට යහපත් මග පෙන්වීමක් ප්‍රාථමික අවධියේම ලබාදීම අනාගතේ සුන්දර රටක් නිර්මාණය කර ගැනීමේ පදනම වන බවත් පැවසීය. දුම්බරටම ආදර්ශයක් සපයමින් විදුහල අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම හා ක්‍රීඩා අංශයෙන් දක්වන දක්ෂතා මෙහිදී ඇගයීමට ද ලක් කෙරිණ. වීර , ශූර හා ධීර ලෙස නිවාස වලට බෙදී දරුවන් තරඟ කළ අතර 2023 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට ලකුණු නමසිය විස්සක්(920) හිමිකරගත් ධිර නිවාසය සමත් විය.අනුශූරතාව ලකුණු 690 ලබාගත් ශුර නිවාසයත්, තෙවන ස්ථානය ලකුණු හයසිය අසූවක් හිමිකරගත් වීර නිවාසයට හිමිවිය. විද්‍යාලයේ විදුහල්පති සුසන්ත විජේසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම නිවාසාන්තර ක්‍රීඩා උළෙල සඳහා හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් . නවරත්න මහතා, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ වරුන්, අවට විද්‍යාලවල විදුහල්පතිවරුන් හා දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook