සෙංකඩගල වෙසක් කලාපයේ පිණ්ඩපාත චාරිකාව ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වේ.

සෙංකඩගල වෙසක් කලාපයේ පිණ්ඩපාත චාරිකාව ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වේ.

සෙංකඩගල වෙසක් කලාපයේ පිණ්ඩපාත චාරිකාව ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ වේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වූ වෙසක් මංගල්‍ය ට සමගාමීව මහනුවර නගරය කේන්ද්‍රගත කර ගනිමින් සංවිධානය කෙරෙන 2023 සෙංකඩගල වෙසක් මංගල්‍ය යේ කටයුතු ආරම්භ කරමින් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ නිරත වීම ශ්‍රී දළදා මාලිගාව අභියසින් අරම්භකර මහනුවර නගරය පුරා වැඩම කළ මහා පිණ්ඩපාත චාරිකා වැඩසටහන පසුගියදා (02) පැවැත්විණ. මල්වතු අස්ගිරි උභයමහා විහාරයන්හි මහා නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව සෙංකඩගල වෙසක් කලාප කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුණි. මෙහිදී භිකෂුන් වහන්සේලා 500 නමක් මහනුවර නගරයේ වීදි පහක් ඔස්සේ පිණ්ඩපාත චාරිකාවේ නිරතවීම සිදුකළ අතර, එම භික්ෂූන් වහන්සේලා සඳහා මධ්‍යස්ථාන පහක දී දානය පිළිගැන්වීම හා පුජා කිරීම සිදු කරන ලදී. (එක් මධ්‍යස්ථානයකදී සිය නමක් සදහා දානය පිළිගැන්වීම) මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, අණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook