
දැහැමි සමාජයක ට නව අර්ථයක් ලබා දෙමින් වෙසක් සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව වැඩසටහනක්.
දැහැමි සමාජයක ට නව අර්ථයක් ලබා දෙමින් වෙසක් සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ අදහසකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සෙංකඩගල වෙසක් කලාපයට සමගාමීව හැටන් අධ්‍යාපන කලාපයේ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදුකරන පාසල් හතරක දරු දැරියන් සදහා ආගමික, සාමාජීය, පාරිසරික සහ අධ්‍යාපන දැනුම හුවමාරු වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 03වන දින ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහනේ දී දරු දැරියන් පිරිස ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දන්ත ධාතුන් වහන්සේ වැද පුදා ගැනීමට කටයුතු යොදා පැවති අතර අනතුරුව මහනුවර මහාමායා විද්‍යාලයේ පැවැති අදහස් හුවමාරු කරගැනීමේ වැඩසටහනකට ද සහභාගී විය. එහිදී මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය මගින් සිසු දරු දැරියන් වෙත සමරු ත්‍යාග ලබාදීම ද සිදුවිය. අනතුරුව පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යානයේ සංචාරය කිරීමට කටයුතු යොදා පැවතුණි.
මෙහිදී පළාත් ආණ්ඩුකාර කාර්යාලය හා නිල නිවෙස නිරීක්ෂණය කිරීමට දරුවන් සඳහා අවස්ථාව ආණ්ඩුකාරවරයා විසින් උදාකර දී පැවතුණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.