
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ගණිතය හා විද්‍යාව වැනි විෂයයන් ආවරණය කරමින් දැනුම ලබාදීමේ නේවාසික කදවුරක්.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ගණිතය හා විද්‍යාව වැනි විෂයයන් ආවරණය කරමින් දැනුම ලබාදීමේ නේවාසික කදවුරක් පැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මෙහිදී දුෂ්කර කලාප වලින් තෝරාගත් සිසුන් සදහා නේවාසිකව දැනුමත් එමගින් අධ්‍යාපනයේ ප්‍රතිපල ඉහළ ම්ට්ටමකට ගෙන ඒමටත් අපේක්ෂිතය. ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන නිරීක්ෂණය සදහා ඉකුත්දා (10) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා එක්විය.