
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පර්යේෂණ එළිදැක්වීම හා පර්යේෂණ සමුළුව.
නවීන ලෝකයට ගැලපෙනලෙස අපේ අධ්‍යාපන ක්‍රමවේදයන් වෙසන්විය යුතුයි. මෙතෙක් ඒ වෙනස සිදු නොවීමෙන් අද එය විශාල ගැටළුවක් බවට පත්වෙලා. අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයත් , කාලින වූ වෙනස්කම් සමග අනාගත පරපුර නව ලොවට ගැලපෙන ලෙස සමාජගත කිරිමේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනයෙන් ඉටුවිය යුතුයි. එය කාලින වූ අවශ්‍යතාවක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කර පැවති පර්යේෂණ එළිදැක්වීම හා පර්යේෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි. මෙම පර්යේෂණ එළිදැක්වීම ඉකුත්දා (10) ගුරුදෙනිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
මෙම පර්යේෂණ එළිදැක්වීමේදී ගුරුවරුන් හා පාසල් සිසුන් විසින් සිදු කරන ලද පර්යේෂණ හතලිස් හතක් ඇතුලත් වූ කාර්යය මුල පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම සිදු වූ අතර පර්යේෂණ ග්‍රන්ථය ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වීම මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සී.අයි.අන්දරගේ මහත්මිය විසින් සිදු කරන ලදී.
ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රගමනය වෙනුවෙන් විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ විශේෂ දේශනය ආචාර්ය උපාලි සේදර මහතා විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විදුහල්පතිවරුන් හා පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.