
හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා එක් වෙයි.
හසලක නගර මධ්‍යයේ පිහිටි මිනිපේ ප්‍රාදේශීය සභාවට අයත් හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා එක් වෙයි. මේ සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රාදේශීය සභාව විසින් යොදවනු ලබන අතර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ දායකත්වය ද ඊට ලැබේ. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් හා මිනිපේ ප්‍රාදේශීය සභා ලේකම් නිමල් මහවත්ත යන මහත්ම මහත්මීන් සමඟ පළාත් සභා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.