මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20ක අත්දැකීම් සහිත නිලධාරියෙකු වන එච්.එම්.එම්.යු.බී. හේරත් මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද දින (19) පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණ. මහනුවර ධර්මාරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධියත් , සමාජ විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධි ඩිප්ලෝමාවත් ලබා ගන්නා ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම සිය ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබදව පශ්චාද් උපාධියත් ලබාගනී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2003 වර්ෂයේ එක්වන ඒ මහතා පල්ලේපොල හා කොත්මලේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසත් , ගොවිජන සේවා සහකාර කොමසාරිස් - (නුවරඑළිය ) ලෙසත් , කොත්මලේ ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ , මධ්‍යම පළාත් සංචාරක කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ , මධ්‍යම පළාත් පලාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් , පුරනගුම ව්‍යාපෘති යේ පළාත් අධ්යක්ෂ , මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ ලෙසත් කටයුතු කර ඇති හේරත් මහතා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිය රාජකාරි කටයුතු අද ආරම්භ කරන ලදී.