ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර මහ නගර සභාවෙන් විශේෂ පරිසර කලාපයක්.

ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර මහ නගර සභාවෙන් විශේෂ පරිසර කලාපයක්.

ලෝක පරිසර දිනයට සමගාමීව මහනුවර මහ නගර සභාවෙන් විශේෂ පරිසර කලාපයක්. ජුනි 5 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනට සමගාමීව පැවැත්වීමට සැලසුම් කෙරේ. අලංකාර,පිරිසිදු හා ඵලදායී විශේෂ පරිසර කලාප ඇති කිරීමේ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියත්මක අතර එම වැඩසටහන පිළිබඳ සාකච්ඡාක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී ඉකුත් (23) දින පැවැත්විණ. මහනුවර මධ්‍යම වෙළෙඳපොළ, කටුගස්තොට මැණික්කුඹුර තොග එළවළු වෙළෙඳපොළ හා ගොහාගොඩ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය හා ඒ අවට යන ස්ථාන වල මෙම විශේෂ වැඩසටහන ජූනි මස 05 වන දින සිට අගෝස්තු 5 දක්වා මහනුවර මහනගර සභාව, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, පේරාදෙණිය උද්භිත උද්‍යානය යන ආයතන ඒකාබද්ධ කර ගනිමින් සිදුකෙරේ. මෙහිදී ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පරිසරය රැක නොගැනීම හා විවිධ ක්‍රියාකාරකම් නිසා පරිසරය විනාශ වී ඇති බවත් ඩෙංගු වැනි වසංගත තත්ත්වයන්වලට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඒ නිසාවෙන් මෙම වැඩසටහන වඩාත් ඵලදායී වන බවත් මාර්ග තදබදය සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතු බව ද සදහන් කළේය. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය,කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩබ්. දයානන්ද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් කේ ජී එස් නිශ්ශංක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක් විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook