දහම් පාසල් ගුරු වැඩමුළුවක්.

දහම් පාසල් ගුරු වැඩමුළුවක්.

දහම් පාසල් ගුරු වැඩමුළුවක්. වර්තමානයේ දහම් පාසල් වල පවතින ගැටලු හඳුනා ගැනීම හා විධිමත් දහම් පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (27) පෙරවරුවේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා හා දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය. දහම් පාසල් බිඳවැටීම තුළ සමාජයට සිදුවී ඇති පරිහානිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.මේ වන විට 25% ක් පමණ දහම් පාසල් දුවා දරුවන් නොපැමිණ බවත් එය දහම් පාසල් බිඳ වැටීමට මූලික වී ඇති බවත් ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වා දෙන ලදී.මේ තත්ත්වයන් මඟහරවා ගනිමින් විධිමත් ක්‍රමවේදය ගොඩනඟාගැනීමට විශාල කාර්යභාරයක් ගුරුවරු වෙත පවතින බවත් මෙහිදී උන්වහන්සේලා විසින් පෙන්වා දෙන ලදී.එමගැටලු මගහරවා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ගැත හැකියි ක්‍රියාමාර්ග හා ගුරුවරුන් හට පවතින ගැටළු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මේ අවස්ථාව සඳහා කුණ්ඩසාලයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති දකුණු දොර ලියද්දේ ජිනසිරි නායක ස්වාමීන් වහන්සේ,මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දිස්ත්‍රික් ලේඛකාධිකාරී කෙවුල්ගම සුමනසාර නායක ස්වාමීන් වහන්සේ,මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජනය ලේඛකාධිකාරී යටිනුවර බල මණ්ඩලයේ සභාපති රත්වත්තේ සෝමානන්ද හිමි,කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර,බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස් අනුරුද්ධ හේමබණ්ඩාර ඇතුළු ගිහි පැවති පැවැදි පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook