ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය හා මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (DEWI GUSTINA TOBING) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ . ගමගේ මහතා අතර හමුවක් අද දින (31) පෙරවරුවේ ආණ්ඩුකාර නිල කාර්යාලයේදී සිදු විය. දෙරට අතර දීර්ඝ කාලීන මිත්‍ර සම්බන්ධතා හා ආර්ථික සම්බන්ධතා කෙරෙහිත්, ආගමික හා සංස්කෘතික සම්බන්ධතා කෙරෙහිත් මේ හමුවේ දී අවධානය යොමු කෙරිණ. ඉන්දුනීසියාවේ බෞද්ධ උරුමය ද අවධානයට ලක් වූ විශේෂ කාරණයක් විය. ආණ්ඩුකාර ගමගේ මහතා සිය ඉන්දුනීසියානු අත්දැකීම් ද තානාපතිනිය හමුවේ විස්තර කළේ ය. තානාපතිනි ගුස්ටිනා ටොබින් මහත්මිය ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කරමින් අදහස් පළ කළා ය. අදින් 49 වසරකට පෙරාතුව එනම් 1974 වසරේ දෙසැම්බර් මස 04 වන දා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලක්ෂපාන ප්‍රදේශයේ සප්ත කන්‍යා කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් ආණ්ඩුකාර ගමගේ මහතා තානාපතිනියගේ අවධානය යොමු කළේ එහි 50 වන සැමරුම ආසන්නව ඇති බව ද සඳහන් කරමිනි. මේ අනතුරෙන් ඉන්දුනීසියානු ජාතික ඉස්ලාම් බැතිමතුන් 182 දෙනෙකු හා ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනෙකු ඇතුළු 191 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තානාපතිනිය හමුවේ මධ්‍යම පළාතේ අනන්‍යතාව හා පාරිසරික සුන්දරත්වය ද, සංස්කෘතික උරුමය ද නිරූපිත වීඩියෝ වැඩසටහනක් ප්‍රදර්ශනය කෙරිණ. උඩරට කඳුකරයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ඇති ඉඩකඩ ද දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ කාරණයක් විය. ආණ්ඩුකාර කාර්ය මණ්ඩල නිලධාරීන් සමඟ පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද , ඉන්දුනීසියානු තානාපති කාර්යාල නිලධාරීන් දෙපලක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook