මහනුවර  කලාප අධ්‍යාපන කාර්යාලය  මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය.

මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය (1) දා මහනුවර සහසඋයන පරිශ්‍රයේදී පැවැත්විණ.මහනුවර අධ්‍යාපන කලාප කාර්යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හා මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල්වල විදුහල්පති මහත්ම මහත්මීන්ගේ බොදු බැති ගී වලින් මෙම ප්‍රසංගය වර්ණවත් විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම බැති ගී ප්‍රසංගය නැරබීමට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් .පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත් ම මහත්මින් අතුලු පිරිසක් එක් විය. මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දර ගේ මහත්මිය ගේ මග පෙන්විමෙන් මෙම ප්‍රසංගය පැවැත්වු අතර මහනුවර ධර්මරාජ විදුහල් සංගීත කන්ඩායම ප්‍රසංගය සංගිතවත් කලේය .අමතරව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධීකාරි පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩම කල මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කරනු ලැබුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook