ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන්  මහනුවර දී චිත්‍ර තරඟාවලියක්.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් මහනුවර දී චිත්‍ර තරඟාවලියක්.

ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් මහනුවර දී චිත්‍ර තරඟාවලියක්. ජගත් පරිසර දින සැමරුමට සමගාමිව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරන ලද ප්‍රදර්ශන චිත්‍ර තරගාවලිය මහනුවර වැවරවුම පරිශ්‍රයේදී 05 දින පවත්වන ලදී. මෙහිදී පරිසරයේ වැදගත්කම සම්බන්ධයෙන් චිත්‍ර නිර්මාණය කිරීම සදහා දරුවන්හට නිදහස් පරිසරයක් තුළ අවස්ථාව උදාකර දී පැවති අතර පෙන්ටියම් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් මහනුවර කලාපයේ පාසල් දරු දැරියන් 150කගේ සහභාගීත්වයෙන් මෙම චිත්‍ර තරඟාවලිය ක්‍රියාත්මක විය. 6 -7 සහ 8-9 යන ශ්‍රේණි කාණ්ඩ දෙකක් යටතේ පැවැති මෙම තරඟයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ ජයග්‍රාහකයින් 20 දෙනෙකු සදහා සහතික පත් හා ත්‍යාග ප්‍රදානය කිරීම සහ මෙම තරඟය වෙනුවෙන් සහභාගීවූ සියලු දරු දැරියන් වෙත සහතිකපත් ප්‍රධානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයන පරිශ්‍රයේදී සිදු කෙරින. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බී.හේරත්,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , සභා ලේකම් සි.කේ.ඉලංගකෝන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුලු දෙපාර්තමේන්තු ප්‍රධානින් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook