
ලෝක පරිසර දිනයට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර නගර සභාව එකාබද්ධව නව වැඩසටහනක්.
ලෝක පරිසර දිනයට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර නගර සභාව එකාබද්ධව නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහනට සමගාමිව ගොහාගොඩ තේක්කවත්ත කසල අංගනය තුළ ආදර්ශ ගොවිපොළක් ස්ථාපිත කරමින් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම හා පරිසර දිනයට සමගාමිව රුක්රෝපණය කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීම පසුගියදා ආරම්භ කරන ලදී.
මෙම ආදර්ශ ගොවිපොළ පවත්වාගෙන යාමට අවශ්‍ය මුලික සැලසුම් සකස් කිරීම , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ සහය ද ලබා ගනිමින් භුමි අලංකරණ සැලැස්මකට අනුව දිගුකාලින ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම වැඩසටහන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා මහනුවර මහා නගර සභාව එක්ව ක්‍රියාත්මක කෙරේ.
මෙහි සමාරම්භක අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර , මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.